Thursday, December 13, 2012

මහ මෙරක් සේ ආදරෙයි ඔබට මo


සාගරේ තරම් සෙනෙහස පොදිබැද........
එන්නම්
       මම,
 ඔබව සොයා ඉන්නා තැනකට.....

ඔබ එදා....,
ඇගිලි තුඩු වල එල්ලී.....
තුරුලු  වෙමින්
මා සමග පියමනිද්දී.....
දැනුණු සුවය අපමනයි.....

අහින්සක දෑස් වල නැගුණු.....

පෙම් හැගුම්..
දෙස බලා සිටින
මා හට...
දැනෙන පෙම් සුව..
කියා නිම කල හැකි
වේද...?

අනන්තය තෙක් දිවෙන......
මගේ පෙම් හැගුම...
කියන්නේ කෙසේ ද
ඔබට...


Thursday, July 12, 2012

ආදර අන්දරය - 3න්වෙනි කොටස.

ඔන්න ඉතින් කාලය ගත වුණා.කවිදු කොලුව ආසාවෙන් ආව ගිය සොදුරු පන්තියේ දුක්බර වු අවසානයකට ලගා වී තියෙනවා..කට්ටියම ඉතින් එකිනෙකාව සිපවැළද ගනිමින් සමුගන්නයි හදන්නේ.කවිදු සෑමදාම වගේ මේ දවසෙත් කාටත් කලින් පන්තිය ඉවර වුණ විගසම පංතියට හැරෙන පාර අද්දර මග රැකගෙන සිටියා ඒ අවසාන වතාවට සාමාධිගේ මූණ බලා ගැනීමේ අරමුනෙන් තමයි ඉතින් මෙහෙම මග රැකගෙන ඉන්නෙ.ඈත එනු දුටු සුරජ් සහ සමාධි සුපුරුදු පරිදි  කවිදු විසින් පිළිගත්තා.



කවිදු             - හලෝ මචෝ.....


සුරාජ්            - කොහොමද කොල්ලා...මං හිතුවෙ උඹ ගිහින් ඇති කියලා.


කවිදු             - නෑ බන් තාම නෑ....තව ටිකකින් යනවා..තාම 6.30නේ..


                     මං නෙත් කොනින් ඈ දෙස බැලුවා.ඇය තව කෙල්ලෙක් එක්ක බර කතාවක්.


සුරජ්             - Ok බං අපි යනවා.සුබ ඈ...


කවිදු             - Ok බං එහෙනම් මත් කැපුනා..


             මග දුරක් ගොස් නැවතී සිට ඔවුන් නොපෙනෙන තෙක් බාලසිටි කවිදු 7ට පමනනිවස බලා පිටත් විය..( ගෙදරින් බැනුම් පරක්කු උන නිසා)




කාලය ආතල් එකේ ගලා යයි.....


O/L ඉවර වෙලා මාසයයි.සයන්ස්,මැත්ස් කරන කට්ටිය ජනවාරි මාසය ආරම්භයෙ දීම A/L පංති යයි.එත් කවිදු තාම ගෙදර.ඔහු මුල සිටම කලා විශය කිරීමට කැමැත්තක් දැක්කු හෙයින් ඔහු එම විශය ධාරව තොරා ගත්තා..ඔවුන්ට අමතර පන්ති ආර්ම්භය මැයි මැදභාය දක්වා දීර්ඝ විය.එතකන් ඔහු computer coz එකක් කිරීමට තීරණය කලා..( සමාධි ගෙ මතකයෙන් කෙමෙන් කෙමෙන් ඈත් වී යයි. )



උදුල් - අහ් කවියා...කොහොමද..?ගොඩ කාලෙකින්.


කවිදු - මන් නම් අවුලක් නෑ බං .මොකෝ මේ දවස් වල කරන්නේ.???


උදුල් - ඊයේ පටන් ගත්තා බං.දැන් ඉතින් දිගටම තමයි ඉතින්.උඹ                මොකො කවියා කරන්නේ..?


කවිදු - තාම Result අවෙත් නෑනේ බං..මං දැන් computer coz එකක් කරනවා එකෙ. 


උදුල් - අහ්හ්හ්......උබ ඒවත් කරනවද...බං මන් යනනවා...Bye


කවිදු - Ok බං...Bye 


ඔන්න ඉතින් Result අවා.හැමදාම වගේ කවිදුවා ජමේන් බෙරෙන්න ලාවට පාස්.නමුත් කලා විශය ධාරව කීරීම සදහා ප්‍රමනවත්  result එකක් කවිදුවට තියනවා.




දිනක් කවිදුට සාමාධි නම් රුවැති තරුණිය සිහිනෙන් පෙනුණි.එදින උදෑසන තනිවම කවිදු හිතින් සමාධිව ඇමතුවා.

" පැතුම් පොදි බැද...මහ මෙරක් සේ....
  හදේ සෙනෙහස පිදුවෙ 
  මා............
  නමුදු........
  කෙසේ තෙරුම් කර දෙන්නද...
  මේ කොඩුකාර.....
  සිතට ඔබ අහිමි බව..... "


මතුසම්බන්දයි.ආදර අන්දරය 4වෙනි කොටසෙන් නැවත හමුවෙමු.

















Friday, July 6, 2012

ආදර අන්දරය - 2වෙනි කොටස

ඇත්තටම සමාධි කියන්නේ ලස්සන ගැහැනු ළමයෙක්.ඔහු ඇයට ආදරෙ බව සියල්ලන්ගෙන් ම වසන් කලේ ඔහුගේ හොද ම යහලුවා වන සුරජ් සමග ප්‍රේම සම්බන්දයක් තිබෙන බැවින් ලෝකයාට මේ  පැවසීමට එතරම් කැමැත්තක් දැක්වුයේ නැත.මන්ද ඔහු ( කවිදු ) හොද යහලුවෙක් නිසා.


                                        ඇත්තටම සුරජ් ගැන කියනව නම් ඔහු එතරම් හොද කෙනෙක් නෙවෙයි.මොකද සුරජ් ගේ පළමු පෙම්වතිය සමාධි නොවුහ.ඔහු ඇදුම් මාරු කරනවක් මෙන් මාසෙන් මාසෙට කෙල්ලන් සමග ප්‍රේම සම්බන්දතා පවත්වයි..එය දැන් ඔහුගේ ජීවිතයෙ එක් අංගයක් වී ඇත.සමාධි සමග පවත්වගෙන යන මේ සම්බන්දය ද එතරම් දීර්ඝ නොවන බව කවිදුට කීප වතාවක්ම සිතිනි.මා සිතන අන්දමට ඔහුගේ හතර වන පෙම්වතිය සමාධි  ය. සමාධිගේ මුහුන දිහා බලන ඔනේ ම කෙනෙකුට හිතෙන්න ඇය ආදරයට ආදරය කරන සෑබෑ හොද ගතිගුන තියන ගැහැනු ළමයෙක් බවයි.


Suraj Play Boy

කවිදු විටෙක මෙසේ සිතයි " මොන මගුලකට මේ වගේ කැස්වටුවන්ට මේ වගේ කෙල්ලො කැමති වෙනව ද " කියා සිතයි.



                                                   සුපුරුදු පරිදි සර් පන්තියට විත් පිස්සු හැදුණු හරක වගේ ඔහේ කියවයි.එය වැඩ නොකරන කවිදු වගේ අයට කිසිදු බාදාවක් නොවෙයි.කවිදු පුරුදු විදිහට සමාධි දෙස බලා සිහින මලීගා තනයි.පන්තිය ඉවර උන විගස එම මාලිගා සියල්ල අකුලා ගෙන ගෙදර යයි.


       සමාධි වාඩි වී සිටින්නේ කවිදු වාඩි වී සිටින බංකුවට වඩා බංකු 2ක් ඉදිරියෙන්.කිසිම අපහසුතාවකින් තොරව කවිදුට සමාධිව බලා ගත හැකිය.ඒ අස්සෙන් සුරජ් කැස්වටුව තව කෙල්ලෙකුට කරනවා. ඇත්තම ඔහු කවදාවත් හැදෙන කොල්ලෙකු නොවන බව කවිදු මුල සිටම දැනගෙන සිටියා.කවිදුට සුලුවෙන් හරි දුකක් දැනෙන බව නොරහසකි.මොකද ලොවටත් හොරා කවිදු ඇයට ආදරය කරයි.ඒ සැගවුනු ආදරය කොතරම් කවිදුගේ සිතට ගිහින් ද යන වග කවිදුටවත් තෙරුම් ගැනීමට නොහැකිය.මොකද කවිදු ඇත්තටම ඇයට ආදරෙ නිසා.විටෙක මේ බව සමාධි ට කීමට පව අ සිතේ.නමුත් ඇය එවා කොපමන දුරට විශ්වස කරන්නේ ද යන වග ඔහුට ප්‍රශ්නාර්ථයක් විය.



ආදර අන්දරය 3න්වන කොටසෙන් හමුවෙමු.
මතුසම්බන්දයි.









Thursday, July 5, 2012

ආදර අන්දරය - 1වෙනි කොටස

ඔන්න ඉතින් ගොඩ කාලෙකටට පස්සේ මං ඔයලට පොඩි ආදර අන්දරයක් ඒ කිව්වේ Love Story එකක් ගේන්න හිතුණා..මේක කොටස් 3න 4කින් සමහර විට වැඩි වෙන්නත් පුලුවන්...මං හිතනව ඔයාල මං මගේ ලියන කතාව ආසවෙන් කියවයි කියල.ඔන්න එහෙනම් මන් කතාව ලියන්න පටන් ගත්තා..

                                          

                                       " මලින් පිරී ගිය විසල් වනේ...පියාසලා යන කුරුල්ලනේ..මගේ ප්‍රියාදරි සොයා ගිහින්..හිතේ තියන දුක කියව් අනේ.. " ඔන්න ඉතින් කවිදු කොලුවා සිංදුවක් කිය කිය ඉස්කෝලේ ඉවරවෙලා මරදාන ධවලගිරිය අසලින් මරදාන දුම්රිය පොල වෙත යනවා.ඒ කැලණිවැලි දුම්රිය මාර්ගය ඔස්සේ ගෙදර යෑමට හෝ පන්තියකට සහභාගී වීමට යි.
                        එදා බදාදා දවසක්...
                                   ඒ කියන්නේ අද කවිදු කොලුවට පන්ති.ඔහු මහරගම ප්‍රදේශයෙ තියෙන කුඩා ඉංග්‍රීසි පන්තියකට යයි.ඔහු එම පන්තියට සහභාගී වෙන්න මහත් වු අශාවෙනි..ඒ ඉංග්‍රීසි භාෂාවට ඇති ඇල්ම නිසා නෙවෙයි.ගැහැණු ළමයින් අතරේ වැදගත් එක ගැහැණු ළමයෙකු ඔහුගෙ සිත් ගත් නිසා.නමුත් ඒ බව ඒ ගැහැනු ළමයා දැනගන්නවට කවිදු කැමති වුයේ නැත..ඇය නමින් සමාධි.

                     

Thursday, May 3, 2012

~~~පාලුව~~~


පුරහද පෙර සේම නැගෙයි
මගේ කාමරයට ඉහළින්.........
කව්ලුවෙන් එන සිහින් මදනල
කියයි ඔබ ගැන මට........


සිහින ලොවේ ඔබ සමග
විදින පෙම්සුව අපමනය............
මේ සුන්දර රෑයේ සිටියා නම් ඔබ
කොතරම් අපූරුද මේ රෑය.....


සිතට වදදෙන සුන්දර මතකය
අමතක කරනු කෙලෙස.......
තනි තරුව මම නම්,
ඇවිත් යන පුරහද ඔබ......

Tuesday, April 24, 2012

නව යුගයේ සබදකම

ඔයාලට අද මං කියන්න යන්නේ පොඩි කතාවක්.මේක මට හිතුණු දෙයක්.මේ කතාව වර්තමානයට කොච්චර දුරට අද කාලේට ගැලපෙනව ද කියල හිතල බලන්න.මේක අන්තර්ජලය මුල් කරගෙන ලියවුන කතාවක් හොද ද?විශේෂයෙන් මූණුපොත , ස්කයිප් මත පද බැදුණු කතාවක්.
 * මෙහි එන නම් ගම් සියල්ල ම මන:කල්පිත බව කරුණාවෙන් සලකන්න...
                                         මෙම ලිපිය ලිවීම පහසු වීම සදහා මම සහ අමා කියන මන:කල්පිත නම් දෙක පාවිච්චි කරනව.



දිනක් මාව මගේ යාලුවෙක් මාව එක්තරා ගෘප් එකකට ඇඩ් කරල තිබ්බ...ඔන්න ඉතින් ටික දවසක් යනකොට ඒකේ හිටපු යාලුවො ඔක්කොම අපේ ලගම මිතුරන් බවට පත්වුන....ඒක මාර පුදුමයි.අතරින් පතර එක සිදංගනාවන් 2ක් 3දෙක් නොහිටියාම නෙවෙයි.අපි සෙට් එක ඉතින් හැම දාම රැ එලි වෙනකන් චැට් එකෙ තමා...ඒක මාර ෆන් වැඩක්.....ඔහොම මසයක් 2ක් චැට් කර කර ඉන්න කොට මං නිකමට වගේ ඒ ගෘප් එකේ හිටිය ගැණු ළමයෙකුටට රික්වෙස්ට් එකක් යැව්ව...මං ඇත්තටම හිතුවේ ඒක ෆේග් ප්‍රොපයිල් එකක් කියල...
                        අපි හැමදාම චැට් කරනව....ඇත්තටම ඇය ලංකාවේ කෙල්ලෙක් නෙවෙයි.



මම - අලෝ යාලු
අමා - අලො අලො..........
මම - කොහොමද සැප දුක..........
අමා -ඉන්නව අනේ...
මම - මොකද ඔයා කරන්නේ....
අමා - ගෙදරට වෙලා ඉන්නවා අනේ....
මම - හෆොයි


           යනුවෙන් කෙටි පිලිතුරක් දුන්නා.....ඒ මන් මොනා අහන්න ද කියා සිතමිනි......


මම - මේ ඔයාගේ ගෙවල් කොහෙද (අහන්න දෙයක් නැති කමට අහුවා.)
අමා - මං ලංකාවෙ නෙවෙයි කවියෝ.....
මම - ( උඩ ගොස් බිබ වැටීමෙන් පසු ) එහෙනම්..?
අමා - මං ඉතාලි හලෝ ඉන්නේ......
මම - ( නැවතත් උඩ ගොස් බිම වැටීමෙන් පසු ) අහ්...එහෙමද අමා.....

ඔහොම දවස් 2ක 3නක් චැට් කර කර හිටිය.....මගේ හැමදේ මං එයාට කිව්වා..ඒ වගේ ම එයගේ හැම දේම එයා මට කිව්වා....මං හිතනව ඇත්ත ම මේක තමයි නියම මිතුදම...මොකද එයා මාව දැකලා තියෙන්නේ පින්තූර වලින් විතරයි...මං එයව එහෙමවත් දැකල නැ.දිනක් ඔන්න පුරුදු විදිහට ගෘප් චැට් එක යන අතරතුදි අපි දෙන්න ප්‍රයිවට් චැට්.........

අමා - කොහොමද යාලු.......
මම - හොදින් ඉන්නවා හලෝ.....
අමා - කවියෝ....ඔයා අවුලෙන් ද?..........
මම - ටිකක් විතර හලෝ......
අමා - මොකක්ද යාලු....

       හොදම යහලුවෙකු ලග ඉන්නවා වගේ.............
මම -පොඩි අවුලක් අමා.....( මම මගේ ප්‍රශ්නේ මගේ හොදම යහලුවට කිව්වා )

අමා - ගනන් ගන්න එප යලු...

        ඇත්තටම ඇයට මාගේ සිත යතා තත්වයට ගැනීමට මහලොකු වෙලාවක් ගියෙ නැ...


ඔහොම ඉතින් හැමදා ම වගේ චැට් කරනවා...මට දිනක් පොඩි ආසවක් 

අවා....මන් ඇයට කිව්වා...
මම - මට ඔයාගේ පින්තූරයක් එවන්න......
අමා - පස්සේ පෙන්නන්නම්
                කිව්වා...
මම - :( :( 
       පොඩි දුක ස්මයිල එකක් යැව්වා
අමා - මොකෝ මේ...පොඩ්ඩක් ඉන්න මන් පෙන්නනම්....
මම - ( ඉහේ මලක් පිපීමෙන් පසු ) හා හාහාහා............... 

ඇයගේ පින්තූරය

මම - අහ්....මේ ඔයද?
අමා - ඔව් අනේ මං තමා.....
මම - ලස්සනයි....
අමා - නැ...මං කැතයි...

        කියලා බොරු ඇඩ් එකක් දැම්මා.....
මම - ( ගෑණු කවද්ද ඇත්ත කිව්වේ ) මං පල් හිනාවක් දැම්මා...හික්ස්.......



ඇත්තටම ඇය ලංකාවෙ හිටිය නම් ඇත්තටම මං ඇයව මගේ කරගන්නව....මා ඇයට ඒ දෙ කිව්වා....ඇය ද එ කියමනට තහවුරු කලා....අපි 2න්නට දෙන්නා මං හිතන විදිහට අදරවන්තයෝ...දිනක් මා...


මම - අමා මං දෙයක් කියන්නම්...මොකවත් හිතන්න එප...හරිද?
අමා - කියන්න කවිදු..ඕනේ දෙයක් කියන්න....
මම - මන් ඔයාට ආදරෙයි.....
අමා - හ්ම්.......
මම - මොකෝ අමා....
අමා - නැ කවිදු ඔයා ලංකාවේ..මං වෙන රටක කොහොමද් අදරේ කරන්නේ....?
මම - හ්ම්....ඒක ඇත්ත...නමුත් මං අදරෙයි....
අමා - තෙරෙනව කවි.....මටත් ඕකම හිතුන කවි.....නමුත් අපි කොහොමද පටන්ගන්නේ....
මම - ඔයා ලංකාවට එන්නෙ නැද්ද?
අමා - නැ...හ්ම්...
මම - හ්ම්...

මට හිතෙනව ඇය මට ආදරෙ කරනවා කියල.....හ්ම්.....
                      
                    " දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබුණු ආදරෙ හින්දා "
                                               
 අපි ගොඩක් වෙලාවට ස්කයිප්  හරහා ගොඩක් වෙලා කතා කල......කතා කරන්න බැරි අවස්තා වලදි කතානොකර මූණ බලාගෙන චැට් කලා....ඇත්තම සුන්දරයි.......මං ගොඩක් ආදරෙ කලා ඇයගේ හිනාවට.....ඇය මා දිහා බල බල චැට් කරනව...මං අයගේ දිහා විතරක් බලාගෙන චැට් කරනවා...අපි ගොඩක් වෙලාවට විඩියෝ චැට් කරන්නේ ගොඩාක් රැ වෙලා....පාන්දර 2ක 3න විතර...ඇය ලංකාවේ සිටියා නම් ඇත්තටම ඇය මගේ.....ඇයද මට වරක් එය කිව්වා...

අමා- කවිදු...මං ලංකාවෙ හිටිය නම් මං ඔයාට ආදරෙ කරනව...මං දැනුත් ඔයාට අදරෙයි...නමුට් ඒ ආදරේ සාර්තක නැ කවිදු 
මම -හ්ම්....

ඇත්තටම අපි ආදරවන්තයො......
මගේ හොදම අන්තර්ජාල මිතුරිය කිව්වට කිසිම වරදක් මං දකින්නෙ නැ.

මේ කතාව ඉවරයි..........මෙය මන:කල්පිත කතාවකි......

                                  මම,
                                  කවිදු
                                  සැමට, බුදු සරණයි...!!!!!!!!!!








                                                        

Saturday, March 31, 2012

සිහිනය

මම දැක්කා...............
ඇය බැලුවා.................
මම හිනාවුණා.........
ඇය හොරහින් බැලුවා........
මම නැවත හිනාවුණා.........
ඇය මා දෙස නැවතුණා.......
මම ඇයගේ දැත් සිම්බා.....
ඇය ලැජ්ජාවෙන් ඇඹරුණා....

                                                                                 


                            එක පාරටම අම්මා ඇවිල්ලා ඇහැරුවා........

Friday, March 30, 2012

අපි නොදන්න පෙරඩ් (Parade)

ඔන්න ඉතින් අපිත් ගියා පෙරඩ් එකක්.ඒක නිකම් ම නිකන් පෙරඩ් එකක් නෙවෙයි අපේ ඉස්කොලේ, කවුරුත් දන්න අසෝක විදුහලේ මාහා ක්‍රිකට් තරගය මුල් කරගෙන තමයි අපි මේ පෙරඩ් එක ගියෙ.දැන් කස්ටිය බලනව ඇති අපි Big Match ගහන්නෙ තනියම ද කියල.නැ අපි Big Match එක ගහන්නේ ජානාධිපති විද්‍යාලය කියලා ඉස්කෝලයක් එක්ක.කවුරුත් දන්නවනේ අපි ඉතින් කැපුවත් Asoka කියල.

හරි දැන් මං කියන්නම් කො අපි කොහොමද පෙරඩ් එක ගියෙ කියලා.අපේ ඉස්කෝලෙ තිබ්බ official පෙරඩ් එක උදැසන 7.30 ට පමණ දැවැන්ත රථ පෙරහැරකින් අපේ ක්‍රිඩා පිටියට  ලස්සනට official පෙරඩ් එක ගියා.
                      හ්ම්...................

දැන් මං ඔයලට කියන්න යන්නේ අපි ගිය පට්ට පට පට unofficial පෙරඩ් ගැනයි.ඒක නම් super ම පෙරඩ් එකක්...එහෙනම් කියවන්නකො පට්ට පට පට කතාව.
                                                ඔන්න ඉතින් වෙලාව ඇති 12.00 විතර.ඉරත් පට්ට විදිහට මුදුන් වෙලා.කුරුකුට්ටං වෙන තරමට රස්නෙයි.අපි ඉතින් වාහන දෙක තුනක්  set කරගෙන  අපි අපේ unofficial පෙරඩ් එකට ලැස්ති උණා.ඒකට එච්චර ලොකු වාහන set උනෙත් නැ.unofficial නේ.අපිට තිබුනෙ එක Land Rover Defender එකකුයි,එක Hybrid Car එකකුයි,Van එකකුයි Car එකකුයි.ඒ unofficial පෙරඩ් එකේ වාහන හතර.
වාහන හතර
හා හා පුරා කියලා පොඩි පහේ සද්දයක් එහෙම දාල කට්ටියම ඔන්න පෙරඩ් එක යන්න පිටත් උනා.අපි මුලින් ම හිතපු පාරෙ නෙවෙයි අන්තිමට ම ගියේ.ඇත්තටම Asoka කොල්ලො ටික පට්ට මොරල් එකකින් තමා මේ ගමන යන්න එලියට බැස්සේ.
        අපි මුලින් ම ගියේ වාහන වතුර වලින් දුනනැති නිසා ඒවට තෙල් ගහන්න.එතනත් පොඩි පහේ fun  එකක් අරගෙන පාර්ලිමේන්තු පාරෙන් ඇතුල් කෝට්ටේ හරහා කෙලින් ම ගියේ ' ඕකට හොද සිංහල කියමනක් තියනවා ඒක තමයි "මිටින් හල කුරුල්ලෙකු මෙන් " කියන කියමන ' අපගේ සහොදර පාසලක් වන එහෙමත් නැත්තම් සැම තරගයක ම පාහේ ඉතා සමගියෙන් සෙල්ලම් කරන සහෝදර ප්‍රථිවාදි හෙවත් ජනාධිපති විද්‍යාලය ලගට යි.ඒතන අපි ටිකක් මහන්සි එහෙම ඇරලා ඔවුනට අපි මුලු හදින් ම සුබ පතල අපි එතනින් එන්න අවා.
ජානධිපතිය ඉදිරිපිට
ඊට පස්සෙ අපි අපේ ආදරණීය සහොදරියන් සොයා ගියා.එ මොන මගුලකටවත් නෙවෙයි.අපේ මෙහෙම big match එකක් තියනවා.අන්න ඒක දැනුම් දෙන්නයි, අපේ ජය පතා පොඩි පහේ ආශිර්වාදයක් ගන්න යි.


                                                     අපි මුලින් ම ගියේ කොළඹ ප්‍රමුඛ පෙළේ පාසක් වන දේවි බාලිකා කියන පාසලට යි.ඒ පාරට අපේ වාහන ටික දැම්ම විගස ම පරේ ඉන්න කට්ටිය නිකං අපි දිහා බැලුවේ හිරෙන් පැනපු set එකක් එනවා එනව වගෙ.එහෙම බැලුවට කිසිම අවුලක් නැ.මොකො අතීතයෙ සිදුවීම් මතක නිසා..නමුත් අපි කරේ අපේ big match එක ගැන කට්ටියව දැනුවත් කරපු එක විතරයි...අපි ඉතින් සාමන්‍ය විදිහට Give Me a AAA.... කියල අපේ වදන පටන් ගෙන යනකොට සුදු සාරියක් ඇදගත්ත මිස් කෙනෙක් මං හිතන විදිහට ඒ විදුහල්පතුමිය එලියට  අවා.අපි අපේ පඩුවේ අපේ සද්දෙ එක එක දිගටම කරගෙන ගියා.අපි එතන හිටපු සිකුරුට්ටට කිව්ව " අපි ආවෙ ඉස්කෝලෙට පනින්න නෙවෙයි..මෙහෙම අපේ ආතල් එක අරන් යන්න " කියල අපි එතනින් පිටත් උණා.අහ් fun වැඩේ කියන්නේ අපි අපේ ලකිය මලයා ව ඉස්කොලෙ ලග දාලා ඇවිල්ලා.(Lucky මලයට පොඩි චාටර් එකක්.)



දේවි බාලිකාව ඉදිරිපිට....
       
 ඊටත් පස්සේ අපි ගියේ යසෝදරා එකට.එතනත් අර වගේ පොඩි සද්දයක් ඉවර කරන කොටම අපේ තරියා දන්න මිස් කෙනෙක් ඇවිල්ලා කිව්වා "පුතා....අපිට ඉස්කොලේ ඉවරකරන්න ඕනේ..ඉවර කරම මේ කෙල්ලො ටිකව එලියට දාන්න ඔනේ..ඉක්මනට යන්න" කිව්වා..ඉතින් අපි  එතන වැඩේ ඉවරනේ.ඉක්මනට මාරු උණා.

යසෝදරාව ඉදිරිපිට.....


අවසාන වශයෙන් අපි තවත් පාසල් දෙක තුනක් වන ගෝතමී බාලිකවටයි, ආනන්ද බාලිකාවට සහ ක්ලිෆ්ටන් සහෝදරියන්ටද මේ නිවෙදනය දි අපි ගියා අපේ පාසල ට..ඒකාලෙකින් දැක්කෙ නැති අපේ පාසල් මැණියන් ව බලල එන්න කියල අපි ගියා.
    අසෝම මව් තුරුලේ මදක් ගිමන් ඇරලා photo දෙක තූනකුත් අරගෙන ඔන්න අයෙමත් පිට්ටනියට අවා.
පට්ට ම මහන්සි වෙලාවක්.අපේ unofficial පෙරඩ් එක අන්න එහෙම තමා ඉවර උනේ.ඊට පස්සේ ඉති දේශාංගයයි,වරුනයයි,තරියයි මයි තොත්තුවක් බලාපොරොත්තුවෙන් කොත්තු පාරක් එහෙම දාලා තොත්තු හබ්බුනේ නැති නිසා පොඩි පැනියකුත් දලා ගෙදර ගියා.


තොත්තු බලාපොරොත්තුවෙන් කොත්තු කැ අයුරු..


"මේ තව පොඩි දෙයක් තියනව කියන්න.පෙරඩ් එක අතරතුරේ අපි අපේ කොලු කමට අක්කලා නංගිලට විහිලු කලාට චාටර් විදිහට අපි දිහා බලන්න එපා.ඒ වගේ ම අපි දිහා පෙරලා සිනා සී සිනහවෙන් සංග්‍රහ කල අක්කල නංගිල ද නැ කියනව නෙවෙ.ඒ අයට ගොඩක් ස්තුති.ඒ වගෙම පිං..!!!!.අනිත් අය ගැන මං කතා කරන්නේ නැ.මොකද ඒ අය තමා මන් මගේ ජිවීතයට දැකපු අවලස්සන ම අය"

පෙරඩ් එකේ කතාව ඉවරයි...ඔබේ අදහස් කොමෙන්ටුවකින් ඉදිරිපත් කරන්න....
                  ස්තුති.
                  කවිදු ප්‍රිවිශාන් පෙරේරා.
                  2012.03.29 දින බ්ලොග් ගත කරන ලදී.



Wednesday, March 21, 2012

ශ්‍රි ලාංකික අපි....!!!!!!!

අද බොහෝ දෙනා හිතන් ඉන්නේ ශ්‍රි ලංකාව මහ කෘර ජාතියක් වෙසෙන රටක් හැටියට.ශ්‍රි ලංකාව වෙසෙන සමහරක් උදවිය ද මෙම මතයේ ඉන්න එක ගැන ඇත්තටම ශ්‍රි ලාංකිකයෙක් වශයෙන් මම කණගාටු වෙනවා.මොකද ශ්‍රි ලංකාවේ හැදි වැඩිලා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ලංකාවටම ගරහන එක හෙන ගහන අපරාදයක්.උදාහරණ නම් ඔනේ තරම් දෙන්න පුලුවන්..නමුත් වැඩක් නැ.මොකද ශ්‍රි ලංකාවට ආදරේ කරන බහුතරයක් දෙනා අපේ රටේ ඉන්නවා.....
ඇයි දන්නව ද මං එහෙම කියන්නේ..???...මං අන්තර්ජාලයේ සැරි සරන කොට මට බොක්කට ම වදින වදන් දෙක තුනක් හම්බුණා...

"තොපි අපේ මව්බිමට අත තිබ්බොත්..........
 මරාගෙන මැරෙනව යකෝ...........
 මේක අපේ රට..........
 පර සුද්දන් ගෙ නීති වලට.....
 අපේ රණවිරුවෝ දිනා දුන් නිදහස...
 අපි පාවා දෙන්නැ......."

***********************************************


"මම ශ්‍රි ලාංකිකයෙකු වීම..
 මට ආඩම්බරයකි..........
 එය මට,
 කියා නිම කල නොහැකි වාසනාවකි."




මේ තියෙන්නේ පර සුද්දන්ට එරෙහිව අපේ එඩිතර සහෝදරයෝ ලියපු කියමන් ටිකක්....මේව බොරු නෙවෙයි.ඔයාලා මූණු පොතේ (facebook) සැරිසරනවා නම් මේවා දැකල ඇති.අපේ රටේ එහෙව් සහොදර පිරිසකුත් ඉන්නව කියන එක අමතක කරන්න එපා..


හැබැයි මං මේ ගැනත් ටිකක් කතා කරන්න කැමති.මොකද මේ දෙය තිරිසනෙක් වත් නොකරන දෙයක්.
                                                             අපේ රටේ හිටපු ජනාධිපතිනි කියපු එක් කතාවක් මට මතක් උණා.එය මේ මිහිතලයේ ඉපදුණු කෙනෙක් කියන්න වටින කතාවක් දැයි මට ගැටලුවකි.ඇය පැවසු අන්දමට ඇයගේ පුත් මේසේ ඇයට පවසන ලදී."චැනල් 4 වීඩියෝ ව නැරබීමෙන් පසු ඔහු ලැජ්ජ වී තිබෙනා ශ්‍රි ලාංකිකයෙකු වීම සහ සිංහලයෙකු වීම පිලිබදවත්."
            මෙවැනි  කතාවක් කිරීමට ඇය දුෂ්ට උනේ ඇයි.?ලක් මව ගේ ජාතික ගීය කියු කටින්ම ද මෙවැනි කතාවක් කලේ යන ප්‍රශ්නය මට මතු වෙයි.එය මම ඉතා පහත් ක්‍රියාවක් ලෙස මම දකිනවා.





ඉහත ප්‍රකාශය සිදුකල ඇයගේ පුතන්ඩියට ලංකාව ගැන එවැනි දෙයක් පැවසීමට කිසිදු අයිතියක් නැත.ඒ ඔහු සුද්දන්ගෙ අස්සේ හැදි වැඩී ලංකාව පිලිබදව මෙවැනි දේවල් පැවසීම යුක්ති සහගත ද?එය ඔහුගේ පියානණ් වන "විජය කුමාරනතුංග" නම් විශිෂ්ට මානව හිතවාදියාට ද කරන නින්දාවක් ලෙස මා දකී.

මට මේ ලිපිය ලිවිමේන් කිසිම දේශපාලන අරමුණක් ඉටු කරගන්න ඔනේ නැ.මං මේ ලිපිය ලිව්වෙ දැන් දැන්  ලංකාවට එන විවිධ බලපැම් පදනම් කරගෙනයි.


"අපේ මව්බිම රැක ගන්න....
 ආගම්,පාට,පක්ෂ භේදයකින් තොරව.....
 රැස් වන්න.........
 යම් කෙනෙක් ලංකාවට එරෙහි හඩක් නගන්නේ ද,
 එයට එරෙහිව නැගී සිටින්න........
 මොකද්......,
 මේ අපේ සිංහ දේශයයි.....
 ලංකාවට කෙනෙහිලිකම් කරන 
 ඩොලර් පඹයින්ට
 ඉඩ දෙන්න බැ.."

මං හිතනව මෙම ලිපිය සැම දේශයට හිතකර සියලු ම දේනාගේ අවදානයට ලක් වෙයි කියල.

                                                                  සියලු ම දෙනාටම,

                                                                  බුදු සරණයි,
                                                                  මම
                                                                  කවිදු

Saturday, March 17, 2012

අපේ සිංහල පංතිය

මං මුලින්ම මගේ post එක හැටියට පල කරන්නේ අපේ සිංහල පංතිය කියන මා හට මග කීයා දුන් අපේ සිංහල පංතිය ගැනයි....ඒසේ කීවට මං මම ඉගෙනුම ලැබු පාසල දෙවෙනි කොට තකන්නේ නොමැත...මා අසෝක මැණියන්ට පනටත් වඩා අදරෙයි....(ඒ පිලිබදව මා පසුව දීර්ඝ ලිපියක් ලියන්වා)
මා මුලින් ම මේ ලිපිය ලිවීමට පෙලඹුනේ මට අපේ සිංහල පංතියේ book mark එකක් හම්මුන...

                           ඒකෙ මෙහෙම තියනවා;
                                 හැමෝ ම දන්නා දේ.........
                            බොහෝ දෙනා
                            නොදන්නා දේ ය.................
                            අනේකාගේ අශාවේ
                            ප්‍රහේලිකාවට වඩා
                            තමන් ගෙ ආශාවේ
                            ප්‍රහේලිකාව විසදා ගත යුතුයි.....
                            දෙවියන් අප ගැන සියල්ල ම දන්නේ නම්;
                            අප
                          දෙවියන් ඉදිරියේ පාපොච්චාරනය කරන්නෙ ඇයි???
                            අපට
                          'සිංහල'
                            භාෂවක් නො ව
                            සංස්කෘතියකි.
                            අපි
                            සිංහලයාට සිංහල උගන්වන
                            SMART
                            සිංහල පංතියයි..

                            එන්න.
                            නිර්මාණාත්මක මිනිසුන්ගේ අඩවිය
                            සංවේදී සංස්කෘතික සංස්පර්ශය යි.


ඔන්න එහෙනම් මමත් බ්ලොග් ලියන්ට පටන් ගත්තා....මුලින් ම ප්ල්z මේකේ follower  කෙනෙක් වෙන්න...මං ලියන දේවල් කියවලා කට්ටිය සතුටක් හෝ දෙයක් දැන ගන්නව නම් මට ඒ ඇති....
                    Spcly Tharindu Abesingha තැන්යු වෙවා Help කරාට...

මේ මාගේ ඇරඹුමයි...!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | coupon codes