Saturday, March 31, 2012

සිහිනය

මම දැක්කා...............
ඇය බැලුවා.................
මම හිනාවුණා.........
ඇය හොරහින් බැලුවා........
මම නැවත හිනාවුණා.........
ඇය මා දෙස නැවතුණා.......
මම ඇයගේ දැත් සිම්බා.....
ඇය ලැජ්ජාවෙන් ඇඹරුණා....

                                                                                 


                            එක පාරටම අම්මා ඇවිල්ලා ඇහැරුවා........

Friday, March 30, 2012

අපි නොදන්න පෙරඩ් (Parade)

ඔන්න ඉතින් අපිත් ගියා පෙරඩ් එකක්.ඒක නිකම් ම නිකන් පෙරඩ් එකක් නෙවෙයි අපේ ඉස්කොලේ, කවුරුත් දන්න අසෝක විදුහලේ මාහා ක්‍රිකට් තරගය මුල් කරගෙන තමයි අපි මේ පෙරඩ් එක ගියෙ.දැන් කස්ටිය බලනව ඇති අපි Big Match ගහන්නෙ තනියම ද කියල.නැ අපි Big Match එක ගහන්නේ ජානාධිපති විද්‍යාලය කියලා ඉස්කෝලයක් එක්ක.කවුරුත් දන්නවනේ අපි ඉතින් කැපුවත් Asoka කියල.

හරි දැන් මං කියන්නම් කො අපි කොහොමද පෙරඩ් එක ගියෙ කියලා.අපේ ඉස්කෝලෙ තිබ්බ official පෙරඩ් එක උදැසන 7.30 ට පමණ දැවැන්ත රථ පෙරහැරකින් අපේ ක්‍රිඩා පිටියට  ලස්සනට official පෙරඩ් එක ගියා.
                      හ්ම්...................

දැන් මං ඔයලට කියන්න යන්නේ අපි ගිය පට්ට පට පට unofficial පෙරඩ් ගැනයි.ඒක නම් super ම පෙරඩ් එකක්...එහෙනම් කියවන්නකො පට්ට පට පට කතාව.
                                                ඔන්න ඉතින් වෙලාව ඇති 12.00 විතර.ඉරත් පට්ට විදිහට මුදුන් වෙලා.කුරුකුට්ටං වෙන තරමට රස්නෙයි.අපි ඉතින් වාහන දෙක තුනක්  set කරගෙන  අපි අපේ unofficial පෙරඩ් එකට ලැස්ති උණා.ඒකට එච්චර ලොකු වාහන set උනෙත් නැ.unofficial නේ.අපිට තිබුනෙ එක Land Rover Defender එකකුයි,එක Hybrid Car එකකුයි,Van එකකුයි Car එකකුයි.ඒ unofficial පෙරඩ් එකේ වාහන හතර.
වාහන හතර
හා හා පුරා කියලා පොඩි පහේ සද්දයක් එහෙම දාල කට්ටියම ඔන්න පෙරඩ් එක යන්න පිටත් උනා.අපි මුලින් ම හිතපු පාරෙ නෙවෙයි අන්තිමට ම ගියේ.ඇත්තටම Asoka කොල්ලො ටික පට්ට මොරල් එකකින් තමා මේ ගමන යන්න එලියට බැස්සේ.
        අපි මුලින් ම ගියේ වාහන වතුර වලින් දුනනැති නිසා ඒවට තෙල් ගහන්න.එතනත් පොඩි පහේ fun  එකක් අරගෙන පාර්ලිමේන්තු පාරෙන් ඇතුල් කෝට්ටේ හරහා කෙලින් ම ගියේ ' ඕකට හොද සිංහල කියමනක් තියනවා ඒක තමයි "මිටින් හල කුරුල්ලෙකු මෙන් " කියන කියමන ' අපගේ සහොදර පාසලක් වන එහෙමත් නැත්තම් සැම තරගයක ම පාහේ ඉතා සමගියෙන් සෙල්ලම් කරන සහෝදර ප්‍රථිවාදි හෙවත් ජනාධිපති විද්‍යාලය ලගට යි.ඒතන අපි ටිකක් මහන්සි එහෙම ඇරලා ඔවුනට අපි මුලු හදින් ම සුබ පතල අපි එතනින් එන්න අවා.
ජානධිපතිය ඉදිරිපිට
ඊට පස්සෙ අපි අපේ ආදරණීය සහොදරියන් සොයා ගියා.එ මොන මගුලකටවත් නෙවෙයි.අපේ මෙහෙම big match එකක් තියනවා.අන්න ඒක දැනුම් දෙන්නයි, අපේ ජය පතා පොඩි පහේ ආශිර්වාදයක් ගන්න යි.


                                                     අපි මුලින් ම ගියේ කොළඹ ප්‍රමුඛ පෙළේ පාසක් වන දේවි බාලිකා කියන පාසලට යි.ඒ පාරට අපේ වාහන ටික දැම්ම විගස ම පරේ ඉන්න කට්ටිය නිකං අපි දිහා බැලුවේ හිරෙන් පැනපු set එකක් එනවා එනව වගෙ.එහෙම බැලුවට කිසිම අවුලක් නැ.මොකො අතීතයෙ සිදුවීම් මතක නිසා..නමුත් අපි කරේ අපේ big match එක ගැන කට්ටියව දැනුවත් කරපු එක විතරයි...අපි ඉතින් සාමන්‍ය විදිහට Give Me a AAA.... කියල අපේ වදන පටන් ගෙන යනකොට සුදු සාරියක් ඇදගත්ත මිස් කෙනෙක් මං හිතන විදිහට ඒ විදුහල්පතුමිය එලියට  අවා.අපි අපේ පඩුවේ අපේ සද්දෙ එක එක දිගටම කරගෙන ගියා.අපි එතන හිටපු සිකුරුට්ටට කිව්ව " අපි ආවෙ ඉස්කෝලෙට පනින්න නෙවෙයි..මෙහෙම අපේ ආතල් එක අරන් යන්න " කියල අපි එතනින් පිටත් උණා.අහ් fun වැඩේ කියන්නේ අපි අපේ ලකිය මලයා ව ඉස්කොලෙ ලග දාලා ඇවිල්ලා.(Lucky මලයට පොඩි චාටර් එකක්.)



දේවි බාලිකාව ඉදිරිපිට....
       
 ඊටත් පස්සේ අපි ගියේ යසෝදරා එකට.එතනත් අර වගේ පොඩි සද්දයක් ඉවර කරන කොටම අපේ තරියා දන්න මිස් කෙනෙක් ඇවිල්ලා කිව්වා "පුතා....අපිට ඉස්කොලේ ඉවරකරන්න ඕනේ..ඉවර කරම මේ කෙල්ලො ටිකව එලියට දාන්න ඔනේ..ඉක්මනට යන්න" කිව්වා..ඉතින් අපි  එතන වැඩේ ඉවරනේ.ඉක්මනට මාරු උණා.

යසෝදරාව ඉදිරිපිට.....


අවසාන වශයෙන් අපි තවත් පාසල් දෙක තුනක් වන ගෝතමී බාලිකවටයි, ආනන්ද බාලිකාවට සහ ක්ලිෆ්ටන් සහෝදරියන්ටද මේ නිවෙදනය දි අපි ගියා අපේ පාසල ට..ඒකාලෙකින් දැක්කෙ නැති අපේ පාසල් මැණියන් ව බලල එන්න කියල අපි ගියා.
    අසෝම මව් තුරුලේ මදක් ගිමන් ඇරලා photo දෙක තූනකුත් අරගෙන ඔන්න අයෙමත් පිට්ටනියට අවා.
පට්ට ම මහන්සි වෙලාවක්.අපේ unofficial පෙරඩ් එක අන්න එහෙම තමා ඉවර උනේ.ඊට පස්සේ ඉති දේශාංගයයි,වරුනයයි,තරියයි මයි තොත්තුවක් බලාපොරොත්තුවෙන් කොත්තු පාරක් එහෙම දාලා තොත්තු හබ්බුනේ නැති නිසා පොඩි පැනියකුත් දලා ගෙදර ගියා.


තොත්තු බලාපොරොත්තුවෙන් කොත්තු කැ අයුරු..


"මේ තව පොඩි දෙයක් තියනව කියන්න.පෙරඩ් එක අතරතුරේ අපි අපේ කොලු කමට අක්කලා නංගිලට විහිලු කලාට චාටර් විදිහට අපි දිහා බලන්න එපා.ඒ වගේ ම අපි දිහා පෙරලා සිනා සී සිනහවෙන් සංග්‍රහ කල අක්කල නංගිල ද නැ කියනව නෙවෙ.ඒ අයට ගොඩක් ස්තුති.ඒ වගෙම පිං..!!!!.අනිත් අය ගැන මං කතා කරන්නේ නැ.මොකද ඒ අය තමා මන් මගේ ජිවීතයට දැකපු අවලස්සන ම අය"

පෙරඩ් එකේ කතාව ඉවරයි...ඔබේ අදහස් කොමෙන්ටුවකින් ඉදිරිපත් කරන්න....
                  ස්තුති.
                  කවිදු ප්‍රිවිශාන් පෙරේරා.
                  2012.03.29 දින බ්ලොග් ගත කරන ලදී.



Wednesday, March 21, 2012

ශ්‍රි ලාංකික අපි....!!!!!!!

අද බොහෝ දෙනා හිතන් ඉන්නේ ශ්‍රි ලංකාව මහ කෘර ජාතියක් වෙසෙන රටක් හැටියට.ශ්‍රි ලංකාව වෙසෙන සමහරක් උදවිය ද මෙම මතයේ ඉන්න එක ගැන ඇත්තටම ශ්‍රි ලාංකිකයෙක් වශයෙන් මම කණගාටු වෙනවා.මොකද ශ්‍රි ලංකාවේ හැදි වැඩිලා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ලංකාවටම ගරහන එක හෙන ගහන අපරාදයක්.උදාහරණ නම් ඔනේ තරම් දෙන්න පුලුවන්..නමුත් වැඩක් නැ.මොකද ශ්‍රි ලංකාවට ආදරේ කරන බහුතරයක් දෙනා අපේ රටේ ඉන්නවා.....
ඇයි දන්නව ද මං එහෙම කියන්නේ..???...මං අන්තර්ජාලයේ සැරි සරන කොට මට බොක්කට ම වදින වදන් දෙක තුනක් හම්බුණා...

"තොපි අපේ මව්බිමට අත තිබ්බොත්..........
 මරාගෙන මැරෙනව යකෝ...........
 මේක අපේ රට..........
 පර සුද්දන් ගෙ නීති වලට.....
 අපේ රණවිරුවෝ දිනා දුන් නිදහස...
 අපි පාවා දෙන්නැ......."

***********************************************


"මම ශ්‍රි ලාංකිකයෙකු වීම..
 මට ආඩම්බරයකි..........
 එය මට,
 කියා නිම කල නොහැකි වාසනාවකි."




මේ තියෙන්නේ පර සුද්දන්ට එරෙහිව අපේ එඩිතර සහෝදරයෝ ලියපු කියමන් ටිකක්....මේව බොරු නෙවෙයි.ඔයාලා මූණු පොතේ (facebook) සැරිසරනවා නම් මේවා දැකල ඇති.අපේ රටේ එහෙව් සහොදර පිරිසකුත් ඉන්නව කියන එක අමතක කරන්න එපා..


හැබැයි මං මේ ගැනත් ටිකක් කතා කරන්න කැමති.මොකද මේ දෙය තිරිසනෙක් වත් නොකරන දෙයක්.
                                                             අපේ රටේ හිටපු ජනාධිපතිනි කියපු එක් කතාවක් මට මතක් උණා.එය මේ මිහිතලයේ ඉපදුණු කෙනෙක් කියන්න වටින කතාවක් දැයි මට ගැටලුවකි.ඇය පැවසු අන්දමට ඇයගේ පුත් මේසේ ඇයට පවසන ලදී."චැනල් 4 වීඩියෝ ව නැරබීමෙන් පසු ඔහු ලැජ්ජ වී තිබෙනා ශ්‍රි ලාංකිකයෙකු වීම සහ සිංහලයෙකු වීම පිලිබදවත්."
            මෙවැනි  කතාවක් කිරීමට ඇය දුෂ්ට උනේ ඇයි.?ලක් මව ගේ ජාතික ගීය කියු කටින්ම ද මෙවැනි කතාවක් කලේ යන ප්‍රශ්නය මට මතු වෙයි.එය මම ඉතා පහත් ක්‍රියාවක් ලෙස මම දකිනවා.





ඉහත ප්‍රකාශය සිදුකල ඇයගේ පුතන්ඩියට ලංකාව ගැන එවැනි දෙයක් පැවසීමට කිසිදු අයිතියක් නැත.ඒ ඔහු සුද්දන්ගෙ අස්සේ හැදි වැඩී ලංකාව පිලිබදව මෙවැනි දේවල් පැවසීම යුක්ති සහගත ද?එය ඔහුගේ පියානණ් වන "විජය කුමාරනතුංග" නම් විශිෂ්ට මානව හිතවාදියාට ද කරන නින්දාවක් ලෙස මා දකී.

මට මේ ලිපිය ලිවිමේන් කිසිම දේශපාලන අරමුණක් ඉටු කරගන්න ඔනේ නැ.මං මේ ලිපිය ලිව්වෙ දැන් දැන්  ලංකාවට එන විවිධ බලපැම් පදනම් කරගෙනයි.


"අපේ මව්බිම රැක ගන්න....
 ආගම්,පාට,පක්ෂ භේදයකින් තොරව.....
 රැස් වන්න.........
 යම් කෙනෙක් ලංකාවට එරෙහි හඩක් නගන්නේ ද,
 එයට එරෙහිව නැගී සිටින්න........
 මොකද්......,
 මේ අපේ සිංහ දේශයයි.....
 ලංකාවට කෙනෙහිලිකම් කරන 
 ඩොලර් පඹයින්ට
 ඉඩ දෙන්න බැ.."

මං හිතනව මෙම ලිපිය සැම දේශයට හිතකර සියලු ම දේනාගේ අවදානයට ලක් වෙයි කියල.

                                                                  සියලු ම දෙනාටම,

                                                                  බුදු සරණයි,
                                                                  මම
                                                                  කවිදු

Saturday, March 17, 2012

අපේ සිංහල පංතිය

මං මුලින්ම මගේ post එක හැටියට පල කරන්නේ අපේ සිංහල පංතිය කියන මා හට මග කීයා දුන් අපේ සිංහල පංතිය ගැනයි....ඒසේ කීවට මං මම ඉගෙනුම ලැබු පාසල දෙවෙනි කොට තකන්නේ නොමැත...මා අසෝක මැණියන්ට පනටත් වඩා අදරෙයි....(ඒ පිලිබදව මා පසුව දීර්ඝ ලිපියක් ලියන්වා)
මා මුලින් ම මේ ලිපිය ලිවීමට පෙලඹුනේ මට අපේ සිංහල පංතියේ book mark එකක් හම්මුන...

                           ඒකෙ මෙහෙම තියනවා;
                                 හැමෝ ම දන්නා දේ.........
                            බොහෝ දෙනා
                            නොදන්නා දේ ය.................
                            අනේකාගේ අශාවේ
                            ප්‍රහේලිකාවට වඩා
                            තමන් ගෙ ආශාවේ
                            ප්‍රහේලිකාව විසදා ගත යුතුයි.....
                            දෙවියන් අප ගැන සියල්ල ම දන්නේ නම්;
                            අප
                          දෙවියන් ඉදිරියේ පාපොච්චාරනය කරන්නෙ ඇයි???
                            අපට
                          'සිංහල'
                            භාෂවක් නො ව
                            සංස්කෘතියකි.
                            අපි
                            සිංහලයාට සිංහල උගන්වන
                            SMART
                            සිංහල පංතියයි..

                            එන්න.
                            නිර්මාණාත්මක මිනිසුන්ගේ අඩවිය
                            සංවේදී සංස්කෘතික සංස්පර්ශය යි.


ඔන්න එහෙනම් මමත් බ්ලොග් ලියන්ට පටන් ගත්තා....මුලින් ම ප්ල්z මේකේ follower  කෙනෙක් වෙන්න...මං ලියන දේවල් කියවලා කට්ටිය සතුටක් හෝ දෙයක් දැන ගන්නව නම් මට ඒ ඇති....
                    Spcly Tharindu Abesingha තැන්යු වෙවා Help කරාට...

මේ මාගේ ඇරඹුමයි...!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | coupon codes