Thursday, July 12, 2012

ආදර අන්දරය - 3න්වෙනි කොටස.

ඔන්න ඉතින් කාලය ගත වුණා.කවිදු කොලුව ආසාවෙන් ආව ගිය සොදුරු පන්තියේ දුක්බර වු අවසානයකට ලගා වී තියෙනවා..කට්ටියම ඉතින් එකිනෙකාව සිපවැළද ගනිමින් සමුගන්නයි හදන්නේ.කවිදු සෑමදාම වගේ මේ දවසෙත් කාටත් කලින් පන්තිය ඉවර වුණ විගසම පංතියට හැරෙන පාර අද්දර මග රැකගෙන සිටියා ඒ අවසාන වතාවට සාමාධිගේ මූණ බලා ගැනීමේ අරමුනෙන් තමයි ඉතින් මෙහෙම මග රැකගෙන ඉන්නෙ.ඈත එනු දුටු සුරජ් සහ සමාධි සුපුරුදු පරිදි  කවිදු විසින් පිළිගත්තා.



කවිදු             - හලෝ මචෝ.....


සුරාජ්            - කොහොමද කොල්ලා...මං හිතුවෙ උඹ ගිහින් ඇති කියලා.


කවිදු             - නෑ බන් තාම නෑ....තව ටිකකින් යනවා..තාම 6.30නේ..


                     මං නෙත් කොනින් ඈ දෙස බැලුවා.ඇය තව කෙල්ලෙක් එක්ක බර කතාවක්.


සුරජ්             - Ok බං අපි යනවා.සුබ ඈ...


කවිදු             - Ok බං එහෙනම් මත් කැපුනා..


             මග දුරක් ගොස් නැවතී සිට ඔවුන් නොපෙනෙන තෙක් බාලසිටි කවිදු 7ට පමනනිවස බලා පිටත් විය..( ගෙදරින් බැනුම් පරක්කු උන නිසා)




කාලය ආතල් එකේ ගලා යයි.....


O/L ඉවර වෙලා මාසයයි.සයන්ස්,මැත්ස් කරන කට්ටිය ජනවාරි මාසය ආරම්භයෙ දීම A/L පංති යයි.එත් කවිදු තාම ගෙදර.ඔහු මුල සිටම කලා විශය කිරීමට කැමැත්තක් දැක්කු හෙයින් ඔහු එම විශය ධාරව තොරා ගත්තා..ඔවුන්ට අමතර පන්ති ආර්ම්භය මැයි මැදභාය දක්වා දීර්ඝ විය.එතකන් ඔහු computer coz එකක් කිරීමට තීරණය කලා..( සමාධි ගෙ මතකයෙන් කෙමෙන් කෙමෙන් ඈත් වී යයි. )



උදුල් - අහ් කවියා...කොහොමද..?ගොඩ කාලෙකින්.


කවිදු - මන් නම් අවුලක් නෑ බං .මොකෝ මේ දවස් වල කරන්නේ.???


උදුල් - ඊයේ පටන් ගත්තා බං.දැන් ඉතින් දිගටම තමයි ඉතින්.උඹ                මොකො කවියා කරන්නේ..?


කවිදු - තාම Result අවෙත් නෑනේ බං..මං දැන් computer coz එකක් කරනවා එකෙ. 


උදුල් - අහ්හ්හ්......උබ ඒවත් කරනවද...බං මන් යනනවා...Bye


කවිදු - Ok බං...Bye 


ඔන්න ඉතින් Result අවා.හැමදාම වගේ කවිදුවා ජමේන් බෙරෙන්න ලාවට පාස්.නමුත් කලා විශය ධාරව කීරීම සදහා ප්‍රමනවත්  result එකක් කවිදුවට තියනවා.




දිනක් කවිදුට සාමාධි නම් රුවැති තරුණිය සිහිනෙන් පෙනුණි.එදින උදෑසන තනිවම කවිදු හිතින් සමාධිව ඇමතුවා.

" පැතුම් පොදි බැද...මහ මෙරක් සේ....
  හදේ සෙනෙහස පිදුවෙ 
  මා............
  නමුදු........
  කෙසේ තෙරුම් කර දෙන්නද...
  මේ කොඩුකාර.....
  සිතට ඔබ අහිමි බව..... "


මතුසම්බන්දයි.ආදර අන්දරය 4වෙනි කොටසෙන් නැවත හමුවෙමු.

















Friday, July 6, 2012

ආදර අන්දරය - 2වෙනි කොටස

ඇත්තටම සමාධි කියන්නේ ලස්සන ගැහැනු ළමයෙක්.ඔහු ඇයට ආදරෙ බව සියල්ලන්ගෙන් ම වසන් කලේ ඔහුගේ හොද ම යහලුවා වන සුරජ් සමග ප්‍රේම සම්බන්දයක් තිබෙන බැවින් ලෝකයාට මේ  පැවසීමට එතරම් කැමැත්තක් දැක්වුයේ නැත.මන්ද ඔහු ( කවිදු ) හොද යහලුවෙක් නිසා.


                                        ඇත්තටම සුරජ් ගැන කියනව නම් ඔහු එතරම් හොද කෙනෙක් නෙවෙයි.මොකද සුරජ් ගේ පළමු පෙම්වතිය සමාධි නොවුහ.ඔහු ඇදුම් මාරු කරනවක් මෙන් මාසෙන් මාසෙට කෙල්ලන් සමග ප්‍රේම සම්බන්දතා පවත්වයි..එය දැන් ඔහුගේ ජීවිතයෙ එක් අංගයක් වී ඇත.සමාධි සමග පවත්වගෙන යන මේ සම්බන්දය ද එතරම් දීර්ඝ නොවන බව කවිදුට කීප වතාවක්ම සිතිනි.මා සිතන අන්දමට ඔහුගේ හතර වන පෙම්වතිය සමාධි  ය. සමාධිගේ මුහුන දිහා බලන ඔනේ ම කෙනෙකුට හිතෙන්න ඇය ආදරයට ආදරය කරන සෑබෑ හොද ගතිගුන තියන ගැහැනු ළමයෙක් බවයි.


Suraj Play Boy

කවිදු විටෙක මෙසේ සිතයි " මොන මගුලකට මේ වගේ කැස්වටුවන්ට මේ වගේ කෙල්ලො කැමති වෙනව ද " කියා සිතයි.



                                                   සුපුරුදු පරිදි සර් පන්තියට විත් පිස්සු හැදුණු හරක වගේ ඔහේ කියවයි.එය වැඩ නොකරන කවිදු වගේ අයට කිසිදු බාදාවක් නොවෙයි.කවිදු පුරුදු විදිහට සමාධි දෙස බලා සිහින මලීගා තනයි.පන්තිය ඉවර උන විගස එම මාලිගා සියල්ල අකුලා ගෙන ගෙදර යයි.


       සමාධි වාඩි වී සිටින්නේ කවිදු වාඩි වී සිටින බංකුවට වඩා බංකු 2ක් ඉදිරියෙන්.කිසිම අපහසුතාවකින් තොරව කවිදුට සමාධිව බලා ගත හැකිය.ඒ අස්සෙන් සුරජ් කැස්වටුව තව කෙල්ලෙකුට කරනවා. ඇත්තම ඔහු කවදාවත් හැදෙන කොල්ලෙකු නොවන බව කවිදු මුල සිටම දැනගෙන සිටියා.කවිදුට සුලුවෙන් හරි දුකක් දැනෙන බව නොරහසකි.මොකද ලොවටත් හොරා කවිදු ඇයට ආදරය කරයි.ඒ සැගවුනු ආදරය කොතරම් කවිදුගේ සිතට ගිහින් ද යන වග කවිදුටවත් තෙරුම් ගැනීමට නොහැකිය.මොකද කවිදු ඇත්තටම ඇයට ආදරෙ නිසා.විටෙක මේ බව සමාධි ට කීමට පව අ සිතේ.නමුත් ඇය එවා කොපමන දුරට විශ්වස කරන්නේ ද යන වග ඔහුට ප්‍රශ්නාර්ථයක් විය.



ආදර අන්දරය 3න්වන කොටසෙන් හමුවෙමු.
මතුසම්බන්දයි.









Thursday, July 5, 2012

ආදර අන්දරය - 1වෙනි කොටස

ඔන්න ඉතින් ගොඩ කාලෙකටට පස්සේ මං ඔයලට පොඩි ආදර අන්දරයක් ඒ කිව්වේ Love Story එකක් ගේන්න හිතුණා..මේක කොටස් 3න 4කින් සමහර විට වැඩි වෙන්නත් පුලුවන්...මං හිතනව ඔයාල මං මගේ ලියන කතාව ආසවෙන් කියවයි කියල.ඔන්න එහෙනම් මන් කතාව ලියන්න පටන් ගත්තා..

                                          

                                       " මලින් පිරී ගිය විසල් වනේ...පියාසලා යන කුරුල්ලනේ..මගේ ප්‍රියාදරි සොයා ගිහින්..හිතේ තියන දුක කියව් අනේ.. " ඔන්න ඉතින් කවිදු කොලුවා සිංදුවක් කිය කිය ඉස්කෝලේ ඉවරවෙලා මරදාන ධවලගිරිය අසලින් මරදාන දුම්රිය පොල වෙත යනවා.ඒ කැලණිවැලි දුම්රිය මාර්ගය ඔස්සේ ගෙදර යෑමට හෝ පන්තියකට සහභාගී වීමට යි.
                        එදා බදාදා දවසක්...
                                   ඒ කියන්නේ අද කවිදු කොලුවට පන්ති.ඔහු මහරගම ප්‍රදේශයෙ තියෙන කුඩා ඉංග්‍රීසි පන්තියකට යයි.ඔහු එම පන්තියට සහභාගී වෙන්න මහත් වු අශාවෙනි..ඒ ඉංග්‍රීසි භාෂාවට ඇති ඇල්ම නිසා නෙවෙයි.ගැහැණු ළමයින් අතරේ වැදගත් එක ගැහැණු ළමයෙකු ඔහුගෙ සිත් ගත් නිසා.නමුත් ඒ බව ඒ ගැහැනු ළමයා දැනගන්නවට කවිදු කැමති වුයේ නැත..ඇය නමින් සමාධි.

                     

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | coupon codes