අද බොහෝ දෙනා හිතන් ඉන්නේ ශ්‍රි ලංකාව මහ කෘර ජාතියක් වෙසෙන රටක් හැටියට.ශ්‍රි ලංකාව වෙසෙන සමහරක් උදවිය ද මෙම මතයේ ඉන්න එක ගැන ඇත්තටම ශ්‍රි ලාංකිකයෙක් වශයෙන් මම කණගාටු වෙනවා.මොකද ශ්‍රි ලංකාවේ හැදි වැඩිලා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ලංකාවටම ගරහන එක හෙන ගහන අපරාදයක්.උදාහරණ නම් ඔනේ තරම් දෙන්න පුලුවන්..නමුත් වැඩක් නැ.මොකද ශ්‍රි ලංකාවට ආදරේ කරන බහුතරයක් දෙනා අපේ රටේ ඉන්නවා.....
 |
ඇයි දන්නව ද මං එහෙම කියන්නේ..???...මං අන්තර්ජාලයේ සැරි සරන කොට මට බොක්කට ම වදින වදන් දෙක තුනක් හම්බුණා...
"තොපි අපේ මව්බිමට අත තිබ්බොත්.......... මරාගෙන මැරෙනව යකෝ........... මේක අපේ රට.......... පර සුද්දන් ගෙ නීති වලට..... අපේ රණවිරුවෝ දිනා දුන් නිදහස... අපි පාවා දෙන්නැ......."
***********************************************
"මම ශ්‍රි ලාංකිකයෙකු වීම.. මට ආඩම්බරයකි.......... එය මට, කියා නිම කල නොහැකි වාසනාවකි."
මේ තියෙන්නේ පර සුද්දන්ට එරෙහිව අපේ එඩිතර සහෝදරයෝ ලියපු කියමන් ටිකක්....මේව බොරු නෙවෙයි.ඔයාලා මූණු පොතේ (facebook) සැරිසරනවා නම් මේවා දැකල ඇති.අපේ රටේ එහෙව් සහොදර පිරිසකුත් ඉන්නව කියන එක අමතක කරන්න එපා..
හැබැයි මං මේ ගැනත් ටිකක් කතා කරන්න කැමති.මොකද මේ දෙය තිරිසනෙක් වත් නොකරන දෙයක්. අපේ රටේ හිටපු ජනාධිපතිනි කියපු එක් කතාවක් මට මතක් උණා.එය මේ මිහිතලයේ ඉපදුණු කෙනෙක් කියන්න වටින කතාවක් දැයි මට ගැටලුවකි.ඇය පැවසු අන්දමට ඇයගේ පුත් මේසේ ඇයට පවසන ලදී."චැනල් 4 වීඩියෝ ව නැරබීමෙන් පසු ඔහු ලැජ්ජ වී තිබෙනා ශ්‍රි ලාංකිකයෙකු වීම සහ සිංහලයෙකු වීම පිලිබදවත්." මෙවැනි කතාවක් කිරීමට ඇය දුෂ්ට උනේ ඇයි.?ලක් මව ගේ ජාතික ගීය කියු කටින්ම ද මෙවැනි කතාවක් කලේ යන ප්රශ්නය මට මතු වෙයි.එය මම ඉතා පහත් ක්‍රියාවක් ලෙස මම දකිනවා.
ඉහත ප්‍රකාශය සිදුකල ඇයගේ පුතන්ඩියට ලංකාව ගැන එවැනි දෙයක් පැවසීමට කිසිදු අයිතියක් නැත.ඒ ඔහු සුද්දන්ගෙ අස්සේ හැදි වැඩී ලංකාව පිලිබදව මෙවැනි දේවල් පැවසීම යුක්ති සහගත ද?එය ඔහුගේ පියානණ් වන "විජය කුමාරනතුංග" නම් විශිෂ්ට මානව හිතවාදියාට ද කරන නින්දාවක් ලෙස මා දකී.
මට මේ ලිපිය ලිවිමේන් කිසිම දේශපාලන අරමුණක් ඉටු කරගන්න ඔනේ නැ.මං මේ ලිපිය ලිව්වෙ දැන් දැන් ලංකාවට එන විවිධ බලපැම් පදනම් කරගෙනයි.
"අපේ මව්බිම රැක ගන්න.... ආගම්,පාට,පක්ෂ භේදයකින් තොරව..... රැස් වන්න......... යම් කෙනෙක් ලංකාවට එරෙහි හඩක් නගන්නේ ද, එයට එරෙහිව නැගී සිටින්න........ මොකද්......, මේ අපේ සිංහ දේශයයි..... ලංකාවට කෙනෙහිලිකම් කරන ඩොලර් පඹයින්ට ඉඩ දෙන්න බැ.."
මං හිතනව මෙම ලිපිය සැම දේශයට හිතකර සියලු ම දේනාගේ අවදානයට ලක් වෙයි කියල.
සියලු ම දෙනාටම,
බුදු සරණයි, මම කවිදු |
9 comments:
pattai ah :)
ස්තුති මචෝ......!!!!!!
keep it up dude >>>>>>
thnx Mickey...!!!!
machan thawa liyapan..
අනිව මචෝ...මේ මගේ පටන් ගැන්ම විතරයි...
මේ අපේ සිංහ දේශයයි.....ඇත්තටම වටින පෝස්ට් එකක්..
අනිවාර්යයෙන්....මම ඔබට තුති පුද කරනව
මම ශ්‍රි ලාංකිකයෙකු වීම..
මට ආඩම්බරයකි..........
එය මට,
කියා නිම කල නොහැකි වාසනාවකි!!!
පක්ෂ වලට, ආගම් වලට මරාගන්න මිනිස්සුන්ට ගොඩක් වෙලාවට රටට හෙන ගැහිලා ගියත් කමක් නැහැ, රට බලාගන්න හමුදාව ඉන්නවනෙ.
ෆේස්බුක් එකෙත් අතට අහුවෙන හැම දේම ෂෙයාර් කර කර ආතල් ගන්න, රට තුල තරහවල් ඇති කරන්න උත්සාහ ගන්න හැමෝම මේ ටික මතක තියාගන්නවනම් හොදයි!
ඒ කොල්ලො මැරුනෙ අපි වෙනුවෙන්, ආයෙ එවැන්නම් නොවෙන්න වගබලාගන්න එක අපි කාගෙත් යුතුකමක්!
Post a Comment