ඔන්න ඉතින් අපිත් ගියා පෙරඩ් එකක්.ඒක නිකම් ම නිකන් පෙරඩ් එකක් නෙවෙයි අපේ ඉස්කොලේ, කවුරුත් දන්න අසෝක විදුහලේ මාහා ක්‍රිකට් තරගය මුල් කරගෙන තමයි අපි මේ පෙරඩ් එක ගියෙ.දැන් කස්ටිය බලනව ඇති අපි Big Match ගහන්නෙ තනියම ද කියල.නැ අපි Big Match එක ගහන්නේ ජානාධිපති විද්‍යාලය කියලා ඉස්කෝලයක් එක්ක.කවුරුත් දන්නවනේ අපි ඉතින් කැපුවත් Asoka කියල.
හරි දැන් මං කියන්නම් කො අපි කොහොමද පෙරඩ් එක ගියෙ කියලා.අපේ ඉස්කෝලෙ තිබ්බ official පෙරඩ් එක උදැසන 7.30 ට පමණ දැවැන්ත රථ පෙරහැරකින් අපේ ක්‍රිඩා පිටියට ලස්සනට official පෙරඩ් එක ගියා.
හ්ම්...................
දැන් මං ඔයලට කියන්න යන්නේ අපි ගිය පට්ට පට පට unofficial පෙරඩ් ගැනයි.ඒක නම් super ම පෙරඩ් එකක්...එහෙනම් කියවන්නකො පට්ට පට පට කතාව.
ඔන්න ඉතින් වෙලාව ඇති 12.00 විතර.ඉරත් පට්ට විදිහට මුදුන් වෙලා.කුරුකුට්ටං වෙන තරමට රස්නෙයි.අපි ඉතින් වාහන දෙක තුනක් set කරගෙන අපි අපේ unofficial පෙරඩ් එකට ලැස්ති උණා.ඒකට එච්චර ලොකු වාහන set උනෙත් නැ.unofficial නේ.අපිට තිබුනෙ එක Land Rover Defender එකකුයි,එක Hybrid Car එකකුයි,Van එකකුයි Car එකකුයි.ඒ unofficial පෙරඩ් එකේ වාහන හතර.
![]() |
වාහන හතර |
හා හා පුරා කියලා පොඩි පහේ සද්දයක් එහෙම දාල කට්ටියම ඔන්න පෙරඩ් එක යන්න පිටත් උනා.අපි මුලින් ම හිතපු පාරෙ නෙවෙයි අන්තිමට ම ගියේ.ඇත්තටම Asoka කොල්ලො ටික පට්ට මොරල් එකකින් තමා මේ ගමන යන්න එලියට බැස්සේ.
අපි මුලින් ම ගියේ වාහන වතුර වලින් දුනනැති නිසා ඒවට තෙල් ගහන්න.එතනත් පොඩි පහේ fun එකක් අරගෙන පාර්ලිමේන්තු පාරෙන් ඇතුල් කෝට්ටේ හරහා කෙලින් ම ගියේ ' ඕකට හොද සිංහල කියමනක් තියනවා ඒක තමයි "මිටින් හල කුරුල්ලෙකු මෙන් " කියන කියමන ' අපගේ සහොදර පාසලක් වන එහෙමත් නැත්තම් සැම තරගයක ම පාහේ ඉතා සමගියෙන් සෙල්ලම් කරන සහෝදර ප්‍රථිවාදි හෙවත් ජනාධිපති විද්‍යාලය ලගට යි.ඒතන අපි ටිකක් මහන්සි එහෙම ඇරලා ඔවුනට අපි මුලු හදින් ම සුබ පතල අපි එතනින් එන්න අවා.
ජානධිපතිය ඉදිරිපිට |
ඊට පස්සෙ අපි අපේ ආදරණීය සහොදරියන් සොයා ගියා.එ මොන මගුලකටවත් නෙවෙයි.අපේ මෙහෙම big match එකක් තියනවා.අන්න ඒක දැනුම් දෙන්නයි, අපේ ජය පතා පොඩි පහේ ආශිර්වාදයක් ගන්න යි.
අපි මුලින් ම ගියේ කොළඹ ප්‍රමුඛ පෙළේ පාසක් වන දේවි බාලිකා කියන පාසලට යි.ඒ පාරට අපේ වාහන ටික දැම්ම විගස ම පරේ ඉන්න කට්ටිය නිකං අපි දිහා බැලුවේ හිරෙන් පැනපු set එකක් එනවා එනව වගෙ.එහෙම බැලුවට කිසිම අවුලක් නැ.මොකො අතීතයෙ සිදුවීම් මතක නිසා..නමුත් අපි කරේ අපේ big match එක ගැන කට්ටියව දැනුවත් කරපු එක විතරයි...අපි ඉතින් සාමන්‍ය විදිහට Give Me a AAA.... කියල අපේ වදන පටන් ගෙන යනකොට සුදු සාරියක් ඇදගත්ත මිස් කෙනෙක් මං හිතන විදිහට ඒ විදුහල්පතුමිය එලියට අවා.අපි අපේ පඩුවේ අපේ සද්දෙ එක එක දිගටම කරගෙන ගියා.අපි එතන හිටපු සිකුරුට්ටට කිව්ව " අපි ආවෙ ඉස්කෝලෙට පනින්න නෙවෙයි..මෙහෙම අපේ ආතල් එක අරන් යන්න " කියල අපි එතනින් පිටත් උණා.අහ් fun වැඩේ කියන්නේ අපි අපේ ලකිය මලයා ව ඉස්කොලෙ ලග දාලා ඇවිල්ලා.(Lucky මලයට පොඩි චාටර් එකක්.)
![]() |
දේවි බාලිකාව ඉදිරිපිට.... |
ඊටත් පස්සේ අපි ගියේ යසෝදරා එකට.එතනත් අර වගේ පොඩි සද්දයක් ඉවර කරන කොටම අපේ තරියා දන්න මිස් කෙනෙක් ඇවිල්ලා කිව්වා "පුතා....අපිට ඉස්කොලේ ඉවරකරන්න ඕනේ..ඉවර කරම මේ කෙල්ලො ටිකව එලියට දාන්න ඔනේ..ඉක්මනට යන්න" කිව්වා..ඉතින් අපි එතන වැඩේ ඉවරනේ.ඉක්මනට මාරු උණා.
යසෝදරාව ඉදිරිපිට..... |
අවසාන වශයෙන් අපි තවත් පාසල් දෙක තුනක් වන ගෝතමී බාලිකවටයි, ආනන්ද බාලිකාවට සහ ක්ලිෆ්ටන් සහෝදරියන්ටද මේ නිවෙදනය දි අපි ගියා අපේ පාසල ට..ඒකාලෙකින් දැක්කෙ නැති අපේ පාසල් මැණියන් ව බලල එන්න කියල අපි ගියා.
අසෝම මව් තුරුලේ මදක් ගිමන් ඇරලා photo දෙක තූනකුත් අරගෙන ඔන්න අයෙමත් පිට්ටනියට අවා.
පට්ට ම මහන්සි වෙලාවක්.අපේ unofficial පෙරඩ් එක අන්න එහෙම තමා ඉවර උනේ.ඊට පස්සේ ඉති දේශාංගයයි,වරුනයයි,තරියයි මයි තොත්තුවක් බලාපොරොත්තුවෙන් කොත්තු පාරක් එහෙම දාලා තොත්තු හබ්බුනේ නැති නිසා පොඩි පැනියකුත් දලා ගෙදර ගියා.
![]() |
තොත්තු බලාපොරොත්තුවෙන් කොත්තු කැ අයුරු.. |
පෙරඩ් එකේ කතාව ඉවරයි...ඔබේ අදහස් කොමෙන්ටුවකින් ඉදිරිපත් කරන්න....
ස්තුති.
කවිදු ප්‍රිවිශාන් පෙරේරා.
2012.03.29 දින බ්ලොග් ගත කරන ලදී.
5 comments:
fahhtta ahhh :D
මේකෙ නයි කොටසකුත් තීනවා...
ආරම්බකයෙක් හැටියට අවුලක් නෑ ඉතිං..
ජය වේවා...
ස්තුති චකයා. ඒවගේ ම තරියටත් ස්තුති..
යම් වරදක් ඇත්තම් ආරම්භයේ දීම එය සකසා ගත යුතුයි.වරදක් පෙනි පෙනි හොදය යි කියන්නේ යාළුවෝ නම් නෙවෙයි.අක්ෂර වින්‍යාසය ගැන සැලකිලිමත් වෙන්න.කතාව එක දිගට ගලා ගෙන යන ගතිය මදි.කතා කරන බාසාවයි,ලියන බාසාවයි දෙක එකට පටලවලා..සමහරක් විට බොහෝ දෙනා බ්ලොග් ලියන ශෛලිය අනුගමනය කරනවා වෙන්න ඇති.ඔබ ඔබේම ශෛලියක් අනුගමනය කරන්න.(ඔයා සිංහල විෂය දහරාව වැඩි දුර හදාරන කෙනෙක් නේ..මම අන්තිමට සිංහල විෂයක් හැටියට ඉගන ගත්තේ සාමන්‍ය පෙළට..ඉතින් මට වඩා ඔයාට එක සැලකිල්ලෙන් කරන්න පුලුවන්)ඔබට ජය..!!!
ස්කෝල කාලෙට ආයෙත් ගියා. ඒකාලෙ කරපු කියපු දේවල් ආයෙ කරන්න බැරිකම ගැන දුකයි.
:(
දිගටම ලියන්න සුභ පැතුම් කවිදු!
Post a Comment