Thursday, July 12, 2012

ආදර අන්දරය - 3න්වෙනි කොටස.

ඔන්න ඉතින් කාලය ගත වුණා.කවිදු කොලුව ආසාවෙන් ආව ගිය සොදුරු පන්තියේ දුක්බර වු අවසානයකට ලගා වී තියෙනවා..කට්ටියම ඉතින් එකිනෙකාව සිපවැළද ගනිමින් සමුගන්නයි හදන්නේ.කවිදු සෑමදාම වගේ මේ දවසෙත් කාටත් කලින් පන්තිය ඉවර වුණ විගසම පංතියට හැරෙන පාර අද්දර මග රැකගෙන සිටියා ඒ අවසාන වතාවට සාමාධිගේ මූණ බලා ගැනීමේ අරමුනෙන් තමයි ඉතින් මෙහෙම මග රැකගෙන ඉන්නෙ.ඈත එනු දුටු සුරජ් සහ සමාධි සුපුරුදු පරිදි  කවිදු විසින් පිළිගත්තා.



කවිදු             - හලෝ මචෝ.....


සුරාජ්            - කොහොමද කොල්ලා...මං හිතුවෙ උඹ ගිහින් ඇති කියලා.


කවිදු             - නෑ බන් තාම නෑ....තව ටිකකින් යනවා..තාම 6.30නේ..


                     මං නෙත් කොනින් ඈ දෙස බැලුවා.ඇය තව කෙල්ලෙක් එක්ක බර කතාවක්.


සුරජ්             - Ok බං අපි යනවා.සුබ ඈ...


කවිදු             - Ok බං එහෙනම් මත් කැපුනා..


             මග දුරක් ගොස් නැවතී සිට ඔවුන් නොපෙනෙන තෙක් බාලසිටි කවිදු 7ට පමනනිවස බලා පිටත් විය..( ගෙදරින් බැනුම් පරක්කු උන නිසා)




කාලය ආතල් එකේ ගලා යයි.....


O/L ඉවර වෙලා මාසයයි.සයන්ස්,මැත්ස් කරන කට්ටිය ජනවාරි මාසය ආරම්භයෙ දීම A/L පංති යයි.එත් කවිදු තාම ගෙදර.ඔහු මුල සිටම කලා විශය කිරීමට කැමැත්තක් දැක්කු හෙයින් ඔහු එම විශය ධාරව තොරා ගත්තා..ඔවුන්ට අමතර පන්ති ආර්ම්භය මැයි මැදභාය දක්වා දීර්ඝ විය.එතකන් ඔහු computer coz එකක් කිරීමට තීරණය කලා..( සමාධි ගෙ මතකයෙන් කෙමෙන් කෙමෙන් ඈත් වී යයි. )



උදුල් - අහ් කවියා...කොහොමද..?ගොඩ කාලෙකින්.


කවිදු - මන් නම් අවුලක් නෑ බං .මොකෝ මේ දවස් වල කරන්නේ.???


උදුල් - ඊයේ පටන් ගත්තා බං.දැන් ඉතින් දිගටම තමයි ඉතින්.උඹ                මොකො කවියා කරන්නේ..?


කවිදු - තාම Result අවෙත් නෑනේ බං..මං දැන් computer coz එකක් කරනවා එකෙ. 


උදුල් - අහ්හ්හ්......උබ ඒවත් කරනවද...බං මන් යනනවා...Bye


කවිදු - Ok බං...Bye 


ඔන්න ඉතින් Result අවා.හැමදාම වගේ කවිදුවා ජමේන් බෙරෙන්න ලාවට පාස්.නමුත් කලා විශය ධාරව කීරීම සදහා ප්‍රමනවත්  result එකක් කවිදුවට තියනවා.




දිනක් කවිදුට සාමාධි නම් රුවැති තරුණිය සිහිනෙන් පෙනුණි.එදින උදෑසන තනිවම කවිදු හිතින් සමාධිව ඇමතුවා.

" පැතුම් පොදි බැද...මහ මෙරක් සේ....
  හදේ සෙනෙහස පිදුවෙ 
  මා............
  නමුදු........
  කෙසේ තෙරුම් කර දෙන්නද...
  මේ කොඩුකාර.....
  සිතට ඔබ අහිමි බව..... "


මතුසම්බන්දයි.ආදර අන්දරය 4වෙනි කොටසෙන් නැවත හමුවෙමු.

















2 comments:

තරියා said...

හරිම ජුගුප්සාජනක ලව් ස්ටෝරියකි ඈ....

තඩි බොරලු said...

මේ කොඩුකාර.....
සිතට ඔබ අහිමි බව..... :O

මං මුලින්ම දැක්කෙ කුඩුකාර වගේ :P

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | coupon codes